පිරිමි මඩ පනින්නන්ගේ සුන්දරත්වය


Saga ප්‍රාන්තයේ නිල් තිත් සහිත මත්සයන්ගේ සුන්දරත්වයට සංචාරකයන් වඩාත් ආකර්ෂණය වේ

.

Saga ප්‍රාන්තයේ, Ogi හි Ariake මුහුදේ වඩදිය බාදිය ඇතිවීමට සමගාමීව නිල් තිත් සහිත මඩ පනින්නන් ලෙස හැඳින්වෙන මත්ස්‍යයන් ඔවුන්ගේ පෙම් සබඳතා සමයට පිවිසෙන බැවින් ගැහැණු මත්ස්‍යයන් ආකර්ෂණය කර ගැනීම සදහා මඩ තට්ටු මතට පනින පිරිමි සතුන් දැක ගත හැකිය . 

 

මත්ස්‍යයෙකුට තම සහකරු හෝ සහකාරිය හමුවූ විට, ගැහැණු මත්ස්‍යයා බිත්තර දැමීම සඳහා පිරිමි මත්ස්‍යයාගේ ගුහාවට ඇතුළු වන අතර ඔවුන්ගේ නිල් පැහැති තිත් වලින් සංලක්ෂිත මත්ස්‍ය පරම්පරාව උදම් පැතලි පරිසර පද්ධතිය සංකේතවත් කරයි. 

 

පිරිමි සතුන් එකිනෙකාට තර්ජනය කරමින් තම පෘෂ්ඨීය වරල් විහිදුවමින්, මඩේහි උඩ පනිමින් සිය ගැහැණු මත්ස්‍යයා එනම් සහකාරිය වෙනුවෙන් භෞමික සටන් වල නිරත වන ආකාරය මේ සාමයේදී මඩ ගොහුරේ දැකිය හැකි සුලභ දසුනක් වේ .

118 Views

Comments