බලශක්ති මිල ඉහල යාම සම්බන්ධයෙන් කනස්සල්ල පළකළ G-7 හි අමාත්‍ය මණ්ඩලය


බලශක්ති මිල ඉහළ යාම සම්බන්ධයෙන් ලෝක ප්‍රබලයන් තම කනස්සල්ල පළ කරයි

.

ලෝකයේ බලශක්ති සුරක්ෂිතතාවට තර්ජනයක් වී ඇති රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ආහාර හා බලශක්ති මිල අඛණ්‌ඩව ඉහළ යාම පිළිබඳව සංවර්ධිත රටවල් හතක කණ්ඩායමේ අමාත්‍ය මණ්ඩලය සිකුරාදා දැඩි කනස්සල්ල පළ කළහ.

 

රුසියාව යුක්‍රේනයට එරෙහිව සිදුකරගෙන යන අයුක්ති සහගත, ප්‍රකෝපකාරී සහ නීති විරෝධී ආක්‍රමණික යුද්ධයේ බලපෑම පිළිබඳව සඳහන් කරමින් "මෑතකාලීන සිදුවීම් G-7 සහ ඉන් ඔබ්බෙහි වූ රටවල බලශක්ති සැපයුම් ආරක්ෂාවට සැලකිය යුතු අවදානම් මතු කර ඇත " යනුවෙන් ඇමතිවරු පැවසූහ.

 

බ්‍රිතාන්‍යය, කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය යන රටවල අමාත්‍යවරු රුසියාවේ ස්වාභාවික වායු මත යැපීම අවම කිරීම විශේෂ හදිසි අවශ්‍යතාවක් බව දක්‌වමින් නව යෝජනාවක් මෙහිදී සම්මත කොට තිබේ.

106 Views

Comments