පොලිස් නිලධාරියෙකුගේ මෝටර් රථයේ කාන්තාවක් ගැටේ


අදාල කාන්තාව 46 හැවිරිදි රැකියා විරහිත පුද්ගලයෙකි.

.

ඊයේ(07) පෙරවරු 9.10 ට පමණ අකිටා ප්‍රාන්තයේ අකිටා නගරයේ ප්‍රාන්ත මාර්ගයක පදික මාරුවක් හරහා ගමන් කරමින් සිටි කාන්තාවක් අකිටා ප්‍රාන්ත පොලිසියේ අකිටා හිගාෂි පොලිස් දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක අංශ ප්‍රධානී ගමන් ගත් මෝටර් රථයේ ගැටී තිබේ.

ඒ අනුව කාන්තාවගේ අත කැඩීම ඇතුළු බරපතළ තුවාල සිදුවී ඇති බව වාර්තා වේ.

පොලිසියේ නිවේදනයට අනුව එය මාර්ග පහක් සහිත පස්මං මංසන්ධික් වන අතර පොලිස් පරීක්ෂකවරයා රාජකාරියෙන් ඉවත් වී සාප්පු සවාරි යමින් සිට තිබේ.

අනතුරට හේතුව සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

119 Views

Comments