Booster එන්නත් ලබාගෙන තිබීම ඔමික්‍රොන් ට එරෙහිව වඩා හොද පියවරක් බව පරීක්ෂණයකින් සනාථ වේ..


ඇමරිකානු රෝග නිවාරන සහ වැළැක්වීමේ මධ්‍යස්ථකරන මගින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි..

.

ඇමරිකානු රෝග නිවාරන සහ වැළැක්වීමේ මධ්‍යස්ථකරන මගින් සිදු කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ එන්නත්වල බූස්ටර් මාත්‍රාව ලබා ගැනීම මගින් ඔමික්‍රොන් වෛරසය නිසා රෝහල් ගතවන අවදානම වඩා වේගවත්ව අඩු වන බවයි.

 

ලෝකය පුරා ඔමික්‍රොන් පැතිර යන රටවල් වලින් එකතු කර ගන්නා ලද දත්ත ආශ්‍රයෙන් මෙකී සමීක්ෂණ වාර්තාව එළිදක්වා ඇත. වෛරසය ආසාදනය වීමෙන් පසු අවදානම් තත්ත්වයට හැරීමේ ඉඩකඩ booster එන්නත නිසා 90%කින් අඩුවන බව මෙම වාර්තාව තවදුරටත් සඳහන් කරයි.

302 Views

Comments