තවදුරටත් ඉහළ යමින් පවතින උග්‍ර ආහාර අනාරක්ෂිත භාවය


ලොව පුරා ආහාර හිඟයේ දිනෙන් දින වර්ධනය වෙන සලකුණු මතුවේ

.

2021 දී ලොව පුරා මිලියන 193 ක ජනතාවක් උග්‍ර ආහාර අනාරක්ෂිත භාවයට මුහුණ දී ඇති අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් එය මේ වසරේදී ඉතා ඉහළ අගයකට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මානුෂීය සහ සංවර්ධන කණ්ඩායමේ නව වාර්තාව මගින් පෙන්වා දී තිබේ. 

 

මැයි 4 වැනි දින හදිසි ජාත්‍යන්තර සහය ඉල්ලා නිකුත් කරන ලද ආහාර අර්බුද පිළිබඳ වාර්ෂික ගෝලීය වාර්තාව මගින් ආහාර හිඟ වීම හේතුවෙන් අවධානමට ලක්ව ඇති රටවල් 53ක් සහ ප්‍රදේශ කීපයක් පිළිබඳව සොයා බැලීය. 

 

2021 දී, ඉතියෝපියාව, දකුණු සුඩානය, යේමනය සහ මැඩගස්කරය යන රටවල් හතරක ජීවනෝපායන්, කුසගින්න සහ මරණය යන අංශවල පුළුල් වූ කඩා වැටීම වැලැක්වීම සඳහා පුද්ගලයින් 570,000 කට හදිසි ක්‍රියාමාර්ග අවශ්‍ය වූ බව යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන් කණ්ඩායමේ නවතම වාර්තාවේ දක්වා තිබේ.

113 Views

Comments