බස් රථයේදී මිය ගිය  පිරිමි දරුවා


නිරිතදිග ජපානයේ ළදරු පාසලක බස් රථයෙන් බැසීමට උපකාර කිරීම භාරව සිටි 44 හැවිරිදි උරකාමි සහ 58 හැවිරිදි කාර්ය මණ්ඩ?

.

නිරිතදිග ජපානයේ ළදරු පාසලක බස් රථයෙන් බැසීමට උපකාර කිරීම භාරව සිටි 44 හැවිරිදි උරකාමි සහ 58 හැවිරිදි කාර්ය මණ්ඩල  සාමාජිකයෙකු විසින්, 5 හැවිරිදි පිරිමි දරුවෙකු පසුගිය ගිම්හානයේදී පැය ගණනක් පාසල් බස් රථයේ දමා ගොස් තිබේ. රථය තුළ උෂ්ණත්වය වැඩිවීම නිසා දරුවා මිය ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට නොගෙන අධිචෝදනා ගොනු කර ඇත.

 

හිටපු ප්‍රධානියා වන යෝකෝ උරකාමි 2021 ජූලි 29 වන දින උදෑසන පාසල් ළමුන් රැගෙන ඒමට බස් රථය ධාවනය කළේය. පසුගිය මාර්තු 31 දින  අධිචෝදනා පත්‍රයට අනුව ටොමා කුරකාකේ පිරිමි ළමයා අහම්බෙන් බසය තුල දමා ගොස් ඇති අතර, ඇය සහ කාර්ය මණ්ඩල සාමාජිකාව ෆුකුඕකා ප්‍රාන්තයේ නකාමා හි පාසලට පැමිණීමෙන් පසු වාහනය අගුළු දමා ඇත.

 

පැය නවයකට පමණ පසු දරුවා සිහිසුන්ව සිටියදී සොයා ගෙන තිබේ . එම අවස්ථාවේ බස් රථයේ තත්ත්වය ප්‍රතිනිෂ්පාදනය කිරීම සඳහා පොලිසිය විසින් කරන ලද පරීක්ෂණයකදී ඇතුළත උෂ්ණත්වය සෙල්සියස් අංශක 50 ඉක්මවා තිබු බව වාර්තා වේ .

184 Views

Comments