සිවිල් ඉංජිනේරු උරුම අඩවියක් බවට පත් කළ Castle වේල්ල


Castle වේල්ල ජපානයේ සිවිල් ඉංජිනේරු උරුමයක් බවට පත් වේ

.

මධ්‍යම ජපාන නගරයේ Gifu ප්‍රාන්තයේ දර්ශනීයව ගලා බසින Hida ගංගාව දිගේ, Hisui ගංගා පතුලේ ඇති පාෂාණමය කඳු මුදුනට ඉහළින් 1926 දී Kamiaso බලාගාරයේ කොටසක් ලෙස ඉදිකල , රාජකීය බටහිර බලකොටුවක් මෙන් පෙනෙන Kamiaso වේල්ල සියවසකට ආසන්න කාලයක් පුරාවට අඛණ්ඩවම ජපානයේ විදුලිය උත්පාදනය කිරිමේ ක්‍රියාවලියට දායක වී තිබේ.

 

මෙහි ජල දොරටු කුළුණු, කොන්ක්‍රීට් වලින් නිමවා ගල් උළු වලින් ආවරණය කර ඇති අතර ජලය සුමටව ගලා යාමට ඉඩ සැලසෙන පරිදි  උඩුගං පැත්ත පටු වන ලෙසත් අතර පහළ පැත්ත පළල සහ වටකුරු වන ලෙසත් කුළුණු සැලසුම් කර ඇත. එමෙන්ම ගඟේ ගැඹුර සහ ගලා යන ජල ප්‍රමාණය සකස් කිරීම සඳහා භාවිතා කරන වානේ ගේට්ටු දෙකක් ද මෙහිදී දැකගත හැකි වේ . 

 

මෙම වේල්ල 2018 දී ජපන් සිවිල් ඉංජිනේරු සංගමය විසින් නිර්දේශ කරන ලද සිවිල් ඉංජිනේරු උරුම අඩවියක් ලෙස නම් කොට ඇති අතර , තවමත් එය මුල් හැඩය පවත්වා ගනිමින් පුනර්ජනනීය බලශක්තිය උත්පාදනය කිරීමට දායක වන ජපානයේ ඓතිහාසිකම වේල්ල වේ.

185 Views

Comments