සම්ප්‍රදායික දඩයම් කුටියක් බවට පත්වූ නැරඹුම් මැදිරි සහිත ජපාන දුම්රිය


අවට සිරි නැරබිය හැකි දුම්රිය මැදිරි දඩයම් මැදිරි ලෙස නව ආරකින් ජපානයේ දී නිර්මාණය වේ

.

Akita Nairiku Jukan Tetsudo දුම්රිය සමාගම විසින් "matagi" යනුවෙන් හැඳින්වෙන ඊසානදිග Tohoku කලාපයේ වලසුන්, මුවන් සහ අනෙකුත් සතුන් ලුහුබඳින සම්ප්‍රදායික දඩයම්කරුවෙකුගේ පැරණි තාලයේ නිවසක් ආකාරයට නිර්මාණය කරන ලද නව දර්ශන නැරඹීමේ දුම්රියක් හඳුන්වා දී තිබේ. 

 

රළු කඳුකර ප්‍රදේශයක් හරහා දිවෙන මෙම අලංකාර ග්‍රාමීය Akita Matagi දුම්රිය භාවිතයෙන් ප්‍රාන්තය තුළ සහ ඉන් පිටත සිටින නරඹන්නන් ආකර්ෂණය කර ගැනීම දුම්රිය ක්‍රියාකරුගේ අපේක්ෂාව ලෙස දක්වා ඇත. 

 

"එය ඇත්තෙන්ම ගමන් කරන සම්ප්‍රදායික නිවසක්. දුම්රිය කන්දේ කිහිරි වනාන්තර හරහා දිවෙන විට එය පරිපූර්ණයි " යනුවෙන් සමාගමේ නියෝජිතයෙකු නව දුම්රිය පිළිබඳව අදහස් දක්‌වමින් පැවසීය.

151 Views

Comments