Eboshi-dake කඳු මුදුනෙන් වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සමනලුන් විශේෂයක් හමුවෙයි


Eboshi dake කඳු වැටියෙන් වදවී යාමේ තර්ජනයට ලක්වූ සමනලුන් විශේෂයක් හමුවේ

.

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයන් නිරීක්ෂණය කිරීම වෙනුවෙන් ජුලි 18 වන දින පවත්වනු ලැබූ සැසියකදී මධ්‍යම ජපානයේ Nagano ප්‍රාන්තයේ Eboshi-dake කඳු මුදුනේ නිරීක්ෂණ චාරිකාවල යෙදුණු සංරක්ෂණ කණ්ඩායමකට subalpine තණබිම් සමනලුන් ගණනාවක් හමුවී ඇති බව වාර්තා වේ .

 

Nagano සහ Yamanashi ප්‍රාන්ත විසින් ස්වභාවික ස්මාරකයක් ලෙස නම් කරන ලද සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති subalpine තණබිම් සමනල විශේෂය වන Aporia hippia, මෑත කාලයේදී දකුණු ජපන් Alps සහ Asama කඳු පන්තියේ සීමිත ස්ථානවල පමණක් දැකගත හැකි වූ නමුත් මෙවර Eboshi-dake කඳු මුදුනෙන් thistle මලකින් මල් පැණි නිස්සාරණය කරන සුදු සමනලයෙකු  පවා දැකගත හැකි වී තිබේ . 

 

වැඩිහිටි සමනලුන් පැණි උරා ගන්නා මල් සහිත පැළ මුවන් විසින් ආහාරයට ගැනීම සහ දළඹුවන් ආහාරයට ගන්නා ගස් වර්ගයක් ඉවත් කිරීමට හේතු වූ වන විනාශය, මෙම සමනලුන් විශේෂය වඳ වී යාමේ තර්ජනයට ලක්වීමට හේතූවක් වී ඇති බව පැවැසේ . 

 

"සංරක්‍ෂණ ප්‍රයත්නයන් දිරිමත් කිරීම සඳහා මිනිසුන් යථාර්ථය ඉගෙන ගන්නවාට මම කැමතියි. සත්ත්වයින්ගේ පරිහානියට හේතුව මිනිසුන් මත රඳා පවතී නම්, අපට කළ හැකි දේ අප කළ යුතුය. නමුත්, වාසස්ථානවලට එය සිදු කළ නොහැක. පුරවැසියන් වන අපට පමණක් එය සිදු කළ හැක. ඒ සදහා වන සංරක්ෂණ ඒජන්සිය, පරිසර අමාත්‍යාංශය සහ පළාත් පාලන ආයතන වහාම ක්‍රියාමාර්ග ගත යුතුය " යනුවෙන් සංරක්ෂණ කණ්ඩායමේ ප්‍රධානියා වූ Toshimichi Hanaoka උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කළේය.

154 Views

Comments