නිරිතදිග ජපානයේ Kumamoto ප්‍රාන්තයේ දූපතක වාසය කරන බෝතල් නාසය සහිත ඉන්දු පැසිෆික් ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ අභිජනන සමය මේ වනවිට ආරම්භ වී ඇති අතර පළමු ඩොල්ෆින් පැටවාගේ උපත Amakusa හි පිහිටි Amakusa ධීවර සමුපකාර සංගමයේ ඩොල්ෆින් පර්යේෂණ කාර්යාලය විසින් පසුගියදා තහවුරු කොට තිබේ.
Amakusa ප්‍රදේශය යනු මිනිස් වාසභූමි කලාපය තුළ ඩොල්ෆින් මත්ස්‍යයින් ජීවත් වන ලෝකයේ දුර්ලභ ස්ථානයකි. මෙම අලුත උපන් පැටවාගේ වයස දින 10 සිට සති 2 දක්වා වූ බවට ඇස්තමේන්තු කර ඇති අතර, දිගින් සෙන්ටිමීටර 90 ක් පමණ වන ඔහු මුහුදේ මතුපිටට පනිමින් දෙමාපියන් සමඟ එක්ව පිහිනීමට පුරුදු වන ආකාරය නිරීක්ෂකයන් හට දැකගත හැකි විය.
" ඩොල්ෆින් බබා ආරක්ෂිතව වැඩෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. මිනිසුන් Amakusa වෙත ගොස් ඩොල්ෆින් නරඹමින් මුහුදේ පාරිසරික ගැටළු පිළිබඳව ඉගෙන ගනු ඇතැයි අපි අපේක්ෂා කරමු " යනුවෙන් පර්යේෂණය භාරව සිටින 44 හැවිරිදි Hiromi Takasaki නව ඩොල්ෆින් සාමාජිකයා පිළිබඳව අදහස් දක්වමින් පැවැසීය.