ජපානයට දකුණින් වර්ධනය වන අඩු පීඩන කලාපය හේතුවෙන් කන්තෝ කොෂින් ප්‍රදේශයේ විවිධ ස්ථානවල හිම පතනය වෙමින් පවතී.
ඒ අනුව හෙට(11) වනවිට කඳුකර ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශවලට දැඩි හිම පතනයක් ඇතිවීමේ අවදානමක් පවතින අතර හිම හේතුවෙන් මාර්ගවල ගමනාගමනයට සිදුවන බලපෑම පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම වෙරළබඩ ප්‍රදේශවල සවස් කාලයේදී වර්ෂාව ඇතිවිය හැකි බවටද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා තිබේ.