ජපානයට හානියක් සිදු නොවන අයුරින් පුපුරා ගිය රුසියානු ගිනි කන්ද


Bezimianny ගිනි කන්ද පුපුරා යයි

.

මැයි 28 වන සෙනසුරාදා දින පස්වරු 5.10 ට පමණ රුසියාවේ ඈත පෙරදිග Kamchatka අර්ධද්වීපයේ පිහිටා තිබූ Bezymianny නම් මහා පරිමාණ ගිනිකන්ද පුපුරා ගිය නමුත් එමඟින් ජපානයට සුනාමි තර්ජනයක් ඇති විය හැකි බවට පෙර සලකුණු කිසිවක් නිරීක්ෂණය නොවූ බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය පැවැසීය. 

 

ගිනිකන්ද පුපුරා යාමෙන් පසුව Bezymianny වෙතින් දුමාරයක් පිට වී ඇති අතර එය කිලෝමීටර 15ක් පමණ උසට විහිදී ගොස් තිබේ. පසුගිය අඟහරුවාදා දින සිටම Bezymianny අඛණ්ඩව සිය පිපිරීම් අත්විඳිමින් සිටී නමුත් සෙනසුරාදා ඇතිවූ පුපුරායාම තදින් බලපා ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය  පැවැසීය.

152 Views

Comments