අභිරහස් ලෙස සිදුවූ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනය


Saitama ප්‍රාන්තයේ ත්‍රිත්ව මිනීමැරුම ඝාතනයක් බවට සැක කෙරේ

.

මැයි 28 වන සෙනසුරාදා දින Saitama ප්‍රාන්තයේ Tokorozawa ප්‍රදේශයේ පිහිටි නිවසක රැදී සිටි 36 හැවිරිදි මව, ඇගේ හත් හැවිරිදි දියණිය සහ පස් හැවිරිදි පුතා අභිරහස් ලෙස මිය ගොස් ඇති අතර එය මිනීමැරුමක් බවට පොලිසිය සැක පළ කොට තිබේ . 

 

මියගිය කාන්තාවගේ 41 හැවිරිදි ස්වාමිපුරුෂයා රාත්‍රී 7.20 ට පමණ රැකියාව නිමවී නිවසට පැමිණෙන විට ඉදිරිපස දොර අගුළු දමා තිබූ බවත් තම බිරිඳ සහ දරුවන් දෙදෙනා දෙවන මහලේ කාමරයක සිටිනු තමා දුටු බවත් ඔහු 119 අමතා පැවැසූ බව පොලීසිය සඳහන් කළේය . 

 

නිලධාරීන් නිවසට ඇතුළු වන විටත් කුඩා දරුවන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් සිට ඇති අතර ඔවුන්ගේ මව රෝහලට ගෙන ගොස් පැය එකහමාරකට පමණ පසුව මිය ගියාය. 

 

කිසිවෙකු බලහත්කාරයෙන් නිවසට ඇතුළු වූ බවට කිසිදු සලකුණක් හමූවී නොමැති අතර මව සහ දරුවන් දෙදෙනා මිය ගිය ආකාරය පිළිබඳව කිසිදු තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වේ.

Comments