වසර 1,800 පමණ පැරණි Yayoi යුගයේ නටබුන් සහිත ප්‍රදේශවල කැණීම් කරන විටදී හමුවූ හිස් කබලක DNA වලින් ප්‍රතිනිර්මාණය කරන ලද Yayoi මිනිසාගේ මුහුණට සමාන මුහුණක් සෙවීමේ අරමුණින් මැයි 28 වන දින බටහිර ජපාන නගරයේ පැවති තරඟාවලියේදී Osaka ප්‍රාන්තයේ ආයතනික සේවකයෙකු වන 35 හැවිරිදි Masahiro Yoshida නම් පුද්ගලයකු විසින් Grand Prix සම්මානය දිනා ගැනීමට සමත් වී තිබේ.
මෙහිදී තරඟය සදහා Tottori ප්‍රාන්ත රජයට ඉදිරිපත් කිරීම් 215ක් ලැබී තිබූ අතර, මැයි 28 වන දින රට පුරා විසිරී සිටි අවසන් තරඟකරුවන් 10 දෙනෙකුට නගරයේ Aoya දිස්ත්‍රික්කයේ Yayoi නටබුන් අසල ස්ථානයකට ආරාධනා කරන ලදී.
Masahiro වෛද්‍ය නිෂ්පාදන අලෙවිකරුවෙකු ලෙස සේවය කරන්නෙකු වන අතර තරගයට පෙර තම හිසකෙස් සහ රැවුල Yayoi මිනිසෙකුට සමාන වන පරිදි වැවීමට ඉඩ දුන් බවත්, පැරණි මිනිසුන් කෙට්ටු විය යුතු යැයි විශ්වාස කළ බැවින් කිලෝග්‍රෑම් හයක් අඩු කළ බවත් ඔහු පැවසීය.
"සියල්ලන්ම Yayoi මිනිසාට සමාන මිනිසෙකු ලෙස මාව තෝරා ගැනීම මට ලැබුණු ගෞරවයක්. හැමෝගෙම මුහුණු මගේ නෑදෑයින්ට වඩා සමාන බැවින් වේදිකාව පිටුපස විනෝදජනක විය' යනුවෙන් තරඟය ජයග්‍රහණය කිරීමෙන් පසු Masahiro ප්‍රකාශ කළේය.