දැඩි ලෙස ඉහළ ගිය ජපානයේ උෂ්ණත්ව මට්ටම


ජපානයේ උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ යයි

.

මැයි 29 වන ඉරු දින ජපානයේ ප්‍රධාන දූපත වන Honshu හරහා උෂ්ණත්වය ඉහළ ගිය බැවින් මේ වසරේ ප්‍රථම වතාවට නගර දෙකක උෂ්ණත්වය සෙල්සියස් අංශක 35 දක්වා ඉහළ ගොස් තිබේ. 

 

අධික වායුගෝලීය පීඩනයක් සහිත Gunma ප්‍රාන්තයේ Takasaki නගරය සහ Tochigi ප්‍රාන්තයේ Sano නගරය යන නගර දෙක ඉරිදා දින සෙල්සියස් අංශක 35.2ක ඉහළම උෂ්ණත්වයක් වාර්තා කර ඇත. ඉරිදා දිනය අතිශය උණුසුම්ම දිනයක් බවට පත් කරමින් ජපානයේ සෙල්සියස් අංශක 35 උෂ්ණත්වය ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙය ලෙස හැඳින්වේ. 

 

Gifu ප්‍රාන්තයේ Tajimi හි උෂ්ණත්වය 34.9 C ලෙසද, Ibaraki ප්‍රාන්තයේ  koga හි උෂ්ණත්වය 34.5 C ලෙසද Aichi ප්‍රාන්තයේ Toyota නගරයේ උෂ්ණත්වය 34.4 C ලෙසද, ජපානයේ Kinki ප්‍රදේශයේ මෙන්ම Kyoto සහ Osaka යන නගරවලද ඒ හා සමානවම 30 C ඉක්මවූ උෂ්ණත්වයක් ඊයේ දිනයේ වාර්තා වී තිබේ .

122 Views

Comments