ඇමරිකාවේ ඔමික්‍රොන් වාර්තා වීම තවදුරටත් ඉහළ අගයක් ගනිමින් පවතින බව වාර්තා වේ. ඊයේ දිනය තුළදී පමණක් වාර්තා වූ නව ආසාදිතයින් ගණන 700,000 ඉක්මවා ගිය බව ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී ඇත්තේ දකුණු ඇමරිකානු,බටහිර ඇමරිකානු සහ මධ්‍යම ප්‍රාන්ත නගරවලින් බව තහවුරු වී තිබේ. සෞඛ්‍ය පහසුකම් සැපයීම සම්බන්ධව ඇමරිකානු රජය ප්‍රාන්ත රජයන් සියල්ල සමග මේ වෙනවිට කඩිනමින් කටයුතු කරමින් තිබේ.