ජපානයට සිය අනතුරු ඇඟැවීම් නිකුත් කළ Elon Musk


ජපානයේ සත්වෝද්‍යානවල සතුන් බොහොමයක් කුසගින්නේ පසුවන බව ආරංචිවේ

.

2021 දී වාර්තාගත ලෙස රටේ ජනගහනයේ  විශාලතම පහත වැටීමක් දුටු Tesla Inc. හි ප්‍රධාන විධායක නිලධාරී Elon Musk "ජපානය එහි අඩුවෙමින් පවතින උපත් අනුපාතය ආපසු හැරවීමට කටයුතු නොකළහොත් විනාශ වනු ඇතැයි" යනුවෙන් ජපානයට අනතුරු ඇඟැවීමක් සිදුකර ඇති බව වාර්තා වේ. 

 

"පැහැදිලිව ප්‍රකාශ කිරීමේ අවදානම යටතේ, උපත් අනුපාතිකය ට සාපේක්ෂව මරණ අනුපාතිකය ඉක්මවීමට හේතු වන පරිදි යමක් වෙනස් නොකළහොත්, ජපානයේ පැවැත්ම අවසානයේ නවතිනු ඇත. මෙය ලෝකයට විශාල පාඩුවක් වනු ඇත" යනුවෙන් මෑතකදී Twitter Inc. අත්පත් කරගත් Musk ඉරිදා සිය ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

 

මානව ශිෂ්ටාචාරයට ඇති විය හැකි ලොකුම අවදානම ලෙස ගෝලීය ජනගහන "කඩා වැටීම" සලකන අතර අතීතයේ කිහිප වතාවක්ම Musk විසින් ඒ පිලිබඳව ජපානයට සිය කනස්සල්ල පළ කර ඇත.

110 Views

Comments