ජපානයේ ආර්ථික සුරක්ෂිතභාවය වැඩිදියුණු කිරීමේ පියවරක් ලෙස අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම වෙනුවෙන් සමුද්‍ර සම්පත් වාණිජමය වශයෙන් රටතුළ නිෂ්පාදනය කිරීම ප්‍රවර්ධනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීමට පාලක ලිබරල් ප්රජාතන්ත්රවාදී පක්ෂය සැලසුම් කර ඇති බව කෙටුම්පත් යෝජනාවක් සඳුදා පෙන්වා දී තිබේ.
සාගර ප්‍රතිපත්ති පිළිබඳ පක්ෂයේ අනුකමිටුව විසින් මීතේන් සහ ජලයෙන් සමන්විත අයිස් වැනි ද්‍රව්‍යයක් වන මීතේන් හයිඩ්රේට් නිස්සාරණය කිරීමේ කාර්මීකරණ ව්‍යාපෘතිය සඳහා මාර්ග සිතියමක් නිර්මාණය කිරීමට නියමිතව ඇති අතර එය තෙල් සහ ගෑස් ආනයනය මත යැපීමට සිදුවී තිබෙන රටවල් සඳහා ප්‍රබල විකල්ප බලශක්ති ප්‍රභවයක් ලෙස සැලකේ.
රුසියාවේ යුක්රේන ආක්‍රමණයට සමගාමීව ලෝක ආර්ථිකය සම්බන්ධයෙන් වර්ධනය වන අවිනිශ්චිතතාවය මධ්‍යයේ ජපානයේ ආර්ථික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තාක්ෂණික සංවර්ධනයේ සහ කාර්මීකරණයේ වැදගත්කම කෙටුම්පත් මණ්ඩලය මෙහිදී අවධාරණය කළේය.