දින 3 ක දැඩි සෝදිසි කිරීම් වලට යටත් වූ Kazu I සංචාරක යාත්‍රාව


Kazu1 නෞකාව සම්බන්ධ සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි

.

සති පහකට පෙර නැඟෙනහිර Hokkaido ප්‍රදේශයේදී Kazu l යාත්‍රාව ගිලී දින සිට තවමත් අතුරුදන්ව සිටින පුද්ගලයන් 12 දෙනා සෙවීමේ අරමුණින් ජපාන වෙරළාරක්ෂක බලකාය විසින් යාත්‍රා සහ ගුවන් යානා දුසිම් ගණනක් ඇතුළත් තුන්දින සෝදිසි මෙහෙයුමක් මැයි 29 දින ආරම්භ කොට තිබේ .

 

ස්වයං-ආරක්ෂක බලකායන් සහ Hokkaido හි ප්‍රාන්ත පොලිසිය සම්බන්ධ වන මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුම මගින් Kazu I ගිලී ගිය Shiretoko අර්ධද්වීපයට ඔබ්බෙන් වූ පුළුල් ප්‍රදේශය සහ රුසියාව විසින් හිමිකම් කියන මතභේදයට තුඩු දී ඇති උතුරු ප්‍රදේශයේ කොටසක් වන Kunashiri දිවයින ආසන්නයේ ප්‍රදේශය විමර්ශනයට ලක් කෙරේ. 

 

යාත්‍රා 70 ක් සහ ගුවන් යානා 20 ක් මැයි 31 දක්වා දියත් කෙරෙන මෙම පුළුල් ප්‍රයත්නයට සහභාගී වී සිටින අතර මතුපිටට ගත් යාත්‍රාවේ එන්ජින් කාමරය සහ ගබඩා මැදිරිය හොඳින් පරීක්ෂා කිරීමෙන් පසු මළ සිරුරු එහි සිරවී නොමැති බව බලධාරීන් විසින් තහවුරු කරගැනීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව සදහන් වේ.

122 Views

Comments