COVID ප්‍රතිලාභ වංචා කළ බවට සැකපිට අත්අඩංගුවට පත්වූ ජපාන පවුලක්


කොමිට් ප්‍රතිලාභ වංචා කළ පවුලක් අත්අඩංගුවට පත්වෙයි

.

දැඩි ලෙස පීඩාවට පත් වූ ව්‍යාපාර සඳහා ලබාදීමට නියමිතව තිබූ ජපාන රජයේ Corona වෛරස ප්‍රතිලාභ මුදල් වංචා කළ බවට සැකපිට 45 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ පුතුන් දෙදෙනා මැයි 30 වන දින මෙට්‍රොපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ .

 

Mie ප්‍රාන්තයේ Tsu නගරයේ පදිංචිකරුවෙකු මෙන්ම සමාගමේ විධායක නිලධාරිනියක වන Rie Taniguchi සහ ඇගේ 21 සහ 22 හැවිරිදි පුතුන් දෙදෙනා විසින් ව්‍යාජ ප්‍රතිලාභ අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දුසිමකට වැඩි හඳුනන පුද්ගලයන්ගෙන් ඉල්ලා සිට ඇති අතර ඒ හරහා යෙන් මිලියන 960ක පමණ මුදලක් වංචා කොට ඇති බව පොලීසිය සඳහන් කළේය.   

 

මෙට්‍රෝපොලිටන් පොලිස් දෙපාර්තමේන්තුවට අනුව, තනි කණ්ඩායමක් විසින් ව්‍යාපාර සඳහා ලබාගත් ජපානයේ විශාලතම වංචාකාර ප්‍රතිලාභ ප්‍රමාණය ලෙස එය හැඳින්වේ.

118 Views

Comments