කොරෝනා හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ Sri Lanka Festival ප්‍රදර්ශනය මෙවර උත්කර්ෂවත් ලෙස කමගයා,චිබා හිදී පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කර ඇත.මෙම ප්‍රදර්ශනය අද සහ හෙට (ඔක්තෝබර් 29-30) දෙදින තුළ පැවැත්වෙන අතර මෙහිදී ශ්‍රී ලංකාවේ නිශ්පාදිත භාණ්ඩ විකිණීම සහ ප්‍රදර්ශනය කර ඇත.මෙහිදී Aayubo app නිල වශයෙන් එළි දැක්වූ අතර මෙමගින් ජපානයේ සිටින ඔබට ජපානයේ පුවත් සිංහලෙන් කියවීමට,තනාපති කාර්යාල නිවේදන කියවීමට,භාණ්ඩ විකිණීමට සහ මිළදී ගැනීම ඇතුලුව ජපානයේ ඇති විවිධ උත්සව සහ ආගමික කටයුතු පිළිබඳවද දැනගැනීමේ හැකියාව ඇත.
තවද මෙහිදී ආයුබෝ අනුබද්ධිත ආයතනයක් වන Kenki world Co LTD ආයතනය විසින් Sumic Solutions නම් නිවාස,ව්‍යාපාර සහ වාහන ආරක්ශක පද්ධතියක් හඳුන්වා දෙන ලදී. එමඟින් ඔබට නිවසේ සිට හෝ වෙනත් රටක සිට තම ජංගම දුරකථනය මඟින් ආයතනයේ වායුසමීකරණය යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම,ප්‍රධාන ගේට්ටු/දොරවල් විවෘත කිරීමට සහ වැසීමට ඇති හැකියාව,ආයතනයේ කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේ හැකියාව,ජල කාන්දු/ගෑස් කාන්දු/ගිනි ගැනීම් වැළකීම වලට අමතරව තම වාහනය/යන්ත්‍ර සොරකමකට ලක් වූවොත් එම අවස්ථාවේදීම එය චලනය කල නොහැකි ලෙසට ආරක්ශන පද්ධතිය ක්‍රියාත්මක වීම මෙහි විශේෂත්වයයි.