තානාපතිතුමා තොකුයමා ජාතික තාක්ෂණ ආයතනයෙහි (Tokuyama National Institute of Technology) සභාපතිතුමා ප්රමුඛ කාර්ය මණ්ඩලය හමුවිය. තාක්ෂණ ආයතනය තානාපතිතුමා සමඟ මොරටුව විශ්ව විද්‍යාලය වැනි විශ්ව විද්‍යාල වල කාර්ය මණ්ඩලයට මෙන්ම සිසුන්ට වඩාත් සුදුසු අධ්‍යයන හුවමාරු වැඩසටහනක් ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන් සඳහා තාක්ෂණික සීමාවාසික පුහුණු අවස්ථා (Technical Internships) ලබාදීම පිළිබඳව ද තානාපතිතුමා සාකච්ඡා කළේය.