Tobu සත්වෝද්‍යානය තාවකාලිකව වසා දැමේ


සත්වෝද්‍යානයේ පක්ෂීන්ට කුරුළු උණ වෛරසය ආසාදනය වී ඇත.

.

Saitama ප්‍රාන්තයේ Miyashiro නගරයේ Tobu සත්ව උද්‍යානය තාවකාලිකව වසා දමා ඇත.

ඒ සත්වෝද්‍යානයේ පක්ෂීන්ට කුරුළු උණ වෛරසය ආසාදනය වීම හේතුවෙනුයි.

සත්වෝද්‍යානයට අනුව එක් රාජාලියෙකු පෙරේදා(21) උදෑසන මිය ගිය අතර ඊට යාබද කූඩුවක සිටි හංසයන් දෙදෙනෙකු ද රෝගී වී මියගොස් ඇත.

ඉන් අනතුරුව කුරුල්ලන් තිදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර ඇති අතර ඉන් කුරුල්ලන් දෙදෙනෙකු කුරුළු උණ සඳහා ධනාත්මක බව තහවුරු වී ඇත.

122 Views

Comments