ෂුනාන් නගරයෙහි නගරාධිපති රිට්සුකෝ ෆුජි මහත්මිය ශ්‍රී ලංකාවෙන් ත්‍යාග කරන ලද අලින් දෙදෙනා ලබා වසර 10ක් සම්පූර්ණ වීම සැමරීම සඳහා තානාපතිතුමා වෙත ආරාධනා කරන ලදී.
කුදමත්සු නගරයෙහි උප නගරාධිපතිතුමන් ද තානාපතිතුමා වෙත සත්කාර සංග්‍රහ කරමින් තානාපතිතුමා හා එක්ව කුදමත්සු නගරයෙහි වගා හා ධීවර පර්යේෂණ මධ්‍යස්ථානය සහ ජපානයේ අධිවේගී දුම්රිය (bullet train) වල මුල් කොටස ( nose section) නිෂ්පාදනය කරන යමශිතා කොහ්යොශො (Yamashita Kohyosho) සමාගම නිරීක්ෂණය කිරීමෙහි නිරතවිය.