නවෝත්පාදනයේ යෙදෙන ආරම්භකයින් ප්‍රවර්ධනය කිරීමේ නව සැලැස්ම


ජපාන රජය එරට නව නිපයුම් කරුවන් දිරි ගැන්වීමට කටයුතු සූදානම් කරයි

.

ජපාන රජය එහි නවෝත්පාදන ව්‍යාපාරයේ කොටසක් ලෙස එම ක්ෂේත්‍රයේ යෙදෙන්නන් සහ ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සිදු කරනු ලබන ආයෝජන 10 ගුණයකින් වැඩි කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් මේ වසර අවසන් වන විට සකසනු ඇති බව කැබිනට් කාර්ය සාධක බලකායේ කෙටුම්පත් වර්ධන උපාය මාර්ගයක් අඟහරුවාදා පෙන්වා දුන්නේය.

 

2021 දී, නැගී එන සමාගම් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය යෙන් බිලියන 800 පමණ ආයෝජනය කළ අතර  මේ වසරේ සිට රජයට අයත් ජපන් ආයෝජන සංස්ථාව හරහා සමාගම් වෙත සිදු කරනු ලබන ආයෝජන පුළුල් කිරීම ඇතුළු පියවර 14 ක් නව කෙටුම්පත යටතේ සලකා බැලීමට නියමිතව ඇත. 

 

නව ධනේශ්වර සංකල්පය සාක්ෂාත් කර ගැනීම සඳහා වන සමස්ත උපාය මාර්ගය අනුව දැඩි ආයෝජනයේ ප්‍රධාන කුළුණු හතරෙන් එකක් ලෙස ආරම්භක ආයෝජන ඉහළ නැංවීමේ සැලැස්ම දක්වා ඇති අතර අනෙකුත් කේන්ද්‍රීය ක්ෂේත්‍ර ලෙස මානව සම්පත්, විද්‍යා තාක්‍ෂණය සහ නවෝත්පාදන මෙන්ම හරිත හා ඩිජිටල් තාක්‍ෂණය දක්වා තිබේ.

110 Views

Comments