ප්‍රතිනිර්මාණය කරන ලද Nanatsuboshi සිල්පර දුම්රියේ එක්දින සංචාරයක්


Nanatsuboshi දුම්රියේ ප්‍රතිනිර්මාණය කර ධාවනයට එක් කරයි

.

එළැඹෙන ඔක්තෝම්බර් මාසයේ සිට නව මාර්ගවල ධාවනයේ යෙදෙන ප්‍රතිසංස්කරණය කරන ලද Nanatsuboshi Seven Stars සිල්පර දුම්රිය සුඛෝපභෝගී මිල ගණන් යටතේ Kyushu Railway Co. යටතේ පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ. 

 

දින හතරක, රාත්‍රී තුනක සෞඛ්‍ය සම්පන්න සංචාරයක් සඳහා අයකිරීම යෙන් මිලියන 1.15 න් ආරම්භ වන අතර යෙන් 650,000 ක මුදලකින් දුම්රියේ එක් රාත්‍රී සංචාරයක යේදීමට හැකි වේ. 

 

" සුඛෝපභෝගී සිල්පර දුම්රිය වල නායකයා ලෙස අපි නව නිර්මාණය පිළිබඳව ආඩම්බර වෙමු. නමුත් දේවල් එලෙසම තබා ගැනීමෙන් අපට නිෂ්ක්‍රීයව සිටීමට හැකියාවක් නැත. එනිසා  Nanatsuboshi දිගටම පරිණාමය වනු ඇත" යනුවෙන් Tokyo හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළමනාකාර ආයතනික නිලධාරී Hiroyuki Fukunaga අදහස් දක්‌වමින් පැවැසීය. 

 

රූපලාවණ්‍යාගාරයක්, තේ කාමරයක් සහ අත්කම් අලෙවි කරන ස්ථානයක් දුම්රිය තුළ ස්ථානගත කර ඇති අතර ධනවත් මගීන් දුම්රිය ගමන් වලට දක්වන ආකර්ෂණය වැඩි කර ගැනීම මෙම ප්‍රතිසංස්කරණයේ අරමුණ ලෙස JR Kyush දක්වා තිබේ.

160 Views

Comments