රුසියානු හමුදාවන්ගේ නොනවතින යුක්‍රේන ආක්‍රමණය


රුසියාව තවදුරටත් යුක්රේනය ආක්‍රමණය කරයි

.

රුසියානු හමුදා විසින් සඳුදා දිනය වනවිට යුක්‍රේනයේ ප්‍රධාන බලකොටුවක් සිය පාලනය යටතට ගැනිමෙන් පසුව ඔවුන්ගේ මීළග ඉලක්කය ලෙස නැගෙනහිර යුක්‍රේන නගරයට පුළුල් වූ තම ප්‍රහාර දියත් කිරීමට උත්සාහ කරමින් සිටී. 

 

යුක්‍රේන හමුදා භටයින් මේ වනවිට Luhansk පළාතට යොදවා තිබූ යුක්‍රේන ප්‍රතිරෝධයේ අවසාන වැදගත්ම බැම්ම වන Lysychansk නගරයෙන් ඉවත් වී ඇති බව යුක්‍රේන හමුදාව තහවුරු කළ අතර එය රටේ නැගෙනහිර කාර්මික කේන්ද්‍රස්ථානය වන Dinbas සෑදෙන ප්‍රධාන ප්‍රදේශ දෙකෙන් එකකි.

 

ප්‍රාදේශීය බලධාරීන්ට අනුව, ඉරිදා දිනය පුරා Kramatorsk හි පැවැති සටන් වලදී රුසියාවේ පුපුරා යන බෝම්බ වෙඩි ප්‍රහාරවලින් 9 හැවිරිදි දැරියක් ඇතුළු හය දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් 19 දෙනෙක් තුවාල ලබා තිබේ. 

 

මෙම අමානුෂීය ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy කියා සිටියේ " තමන් එම ප්‍රදේශයෙන් ඉවත්වීම පිළිගත් නමුත් තම රටේ යුක්‍රේන හමුදාවන් රුසියානු හමුදාවට එරෙහිව ආපසු සටන් කරන බවට යළිත් වරක් සපථ කරන බවයි."

131 Views

Comments