ජපන් විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන Yuto Kitamura විසින් පරිසරය පිරිසිදු කිරීමේ සංකල්පය එතෙර ලෝකයට ගෙන යාමේ අරමුණින් නගරයේ වීදිවල එක්රැස් වී ඇති කුණුකසල එකතු කිරීම කණ්ඩායම් විනෝද ක්‍රීඩාවක් බවට පත් කරන නව මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ .
කුණු එකතු කිරීම යනු "නිධානයක් හෑරීමක්" වැනි ක්‍රියාවක් බව වටහා ගැනීමෙන් පසුව ඔහු විසින් "Seisochu" මෘදුකාංගය පිළිබඳ අදහස ඉදිරිපත් කළ අතර, නියමිත වේලාවට එකතු කරන ලද කසළ වර්ගය සහ බර අනුව මෙහිදී ලකුණු ප්රදානය කරනු ලැබේ.
මෙම ක්‍රීඩාවේදී සහභාගිවන්නන් විසින් අදාළ ප්‍රදේශයේ කුණු එකතු කරමින් ඔවුන්ගේ ස්මාර්ට් ෆෝන් වෙත යවනු ලබන "මෙහෙයුම්" සම්පූර්ණ කිරීමට උත්සාහ කරන අතර "දඩයක්කාරයෙක්" පෙනී සිටිමින් ඔවුන් විසින් එකතු කරනු ලැබූ කුණු කූඩය රාජසන්තක කර ඔවුන්ට ලකුණු පිරිනැමීම සිදුකරයි.