ප්රාදේශීය සම්බන්ධතා සහ සංක්රමණයන් ඉහළ නැංවීමේ අරමුණින් බටහිර ජපානයේ Shiga ප්රාන්ත රජය විසින් පසුගිය ජුලි 25 වන දින "Biwako" නම් දේශීය ඩිජිටල් මුදල් ඒකකය දියත් කළ අතර, එය භාවිතා කරන මිනිසුන්ට ඔවුන්ගේ ලියාපදිංචිය හරහා විවිධ අත්දැකීම් භුක්ති විඳීමට හැකිවන පරිදි එය නිර්මාණය කර තිබේ.
ප්රාන්ත සහ නාගරික ආණ්ඩු 13 කින් මෙන්ම විශ්ව විද්යාල කීපයකින් සමන්විත මෙම සේවාව Kakawari Factory Shiga Suishin Kyogikai විසින් මෙහෙයවනු ලබන අතර Kanagawa ප්රාන්තයේ Kamakura නගරයේ පිහිටි Kayac Inc. නම් IT සමාගම විසින් වැඩි දියුණු කරන ලද දේශීය මුදල් සේවා යෙදුම වන "Machi no Coin" හරහා මෙය ධාවනය කෙරේ.
මෙම Biwako ණය, මුදල් සඳහා හුවමාරු කළ නොහැකි වන අතර, දින 90ක් සඳහා වලංගු වේ. මෙහිදී පරිශීලකයින්ට ඔවුන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනයට මෙම යෙදුම නොමිලේ බාගත කර ගත හැකි අතර ඒ සෑම විටකදීම Biwako 500 ක් හිමිවේ. එම මුදල් ඔවුන්ට ලියාපදිංචි ස්ථානවලදී "ලබා ගැනීමට" හෝ "භාවිතා කිරීමට " හැකියාව ලැබෙන අතර විවිධ සිදුවීම් වලට සහභාගී වීම තුළින් , පරිශීලකයින්ට තමන් සතු Biwako ප්රමාණය වැඩි කර ගැනීමට අවස්ථාව ලැබේ