පසුගිය සෙනසුරාදා දින ඔසාකා නගරයේ Universal Studios හි ක්‍රියාත්මක වන rollercoaster යක් තුළ ඇතිවූ හදිසි තත්වයක් නිසා එය ක්ෂණිකව නැවතීම හේතුවෙන් මේ වන විට එතුළ සිටි තිස් දෙනෙකු එහි සිරවී තිබුණි.නමුත් එම කිසි පුද්ගලයකුට කිසිදු ආකාරයක තුවාලයක් වී නැති බව විනෝද උයනේ යන්ත්‍ර ක්‍රියා කරවන්නකු පවසා තිබුණි. මෙම උද්‍යානයේ ම මීට මාස තුනකට ඉහතදි මෙවැනිම සිදුවීමක් සිදුවී තිබුණි .
roller coasterය මෙම සංවේදන ගැටලුව නිසා එය නැවතිය හැකි උපරිම ස්ථානයේ ක්ෂණිකව නැවතී තිබෙන අතර එම සිදුවීමෙන් පැයක හමාරකට පමණ පසුව යථා තත්ත්වයට ගැනීමට යන්ත්‍රය ක්‍රියාත්මක කරවන්නන්ට හැකි වී ඇත. කෙසේ වෙතත් මෙම සිදුවීමට හේතුව පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.