නවක වදය හේතුවෙන් පාසල හැර ගිය පුද්ගලයෙකුගේ අභියාචනය


නවක වදය හේතුවෙන් පාසල හැර ගිය සිසුවා ගොනුකල අභියාචනය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරයි

.

පාසල් සමාජ සම්ප්‍රදායක්" සඳහා හිස මුඩු කිරීමට බල කිරීමෙන් පසුව පාසල හැරගිය බවට සැලකෙන 20 හැවිරිදි පැමිණිලිකරුවෙකු විසින් Kumamoto ප්‍රාන්ත රජයට එරෙහිව ගොනු කරන ලද  වන්දි නඩුව මැයි 30 වන දින දිස්ත්‍රික් උසාවිය මගින් නිෂ්ප්‍රභ කොට ඇත .

 

2017 වසරේ අප්‍රේල් මාසයේදී Kumamoto ප්‍රාන්ත නගරයේ Seiseiko උසස් පාසලට ඇතුළු වූ පසුව Cheerleading සමාජය විසින් අනෙකුත් නවක සිසුන් සමඟ ඔහුව පාසලේ වහලය මතට කැඳවා පාසල් ගීතය ගායනා කිරීමට බල කර ඇති අතර  පාසලේ මෘදු ටෙනිස් සමාජයට සම්බන්ධ වූ පසු තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් විසින් "සම්ප්‍රදායක්" යැයි පවසමින් තම හිස මුඩු කළ බවද ඔහු නඩුව ගොනු කිරිමේදී පවසා තිබේ. 

 

මානසික අවපීඩනයට ගොදුරු වීම හේතුවෙන් 2018 මැයි මාසයේදී සම්පූර්ණයෙන්ම පාසලෙන් ඉවත්වී ගොස් ඇති ඔහු වන්දි වශයෙන් යෙන් 1ක් ගෙවන ලෙස ප්‍රාන්ත රජයෙන් ඉල්ලා තිබේ. මේ අතර ඔහු නිෂ්ප්‍රභ වූ නඩුව වෙනුවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට සුදානම් වෙමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය . 

 

" හිස මුඩු කිරීම සමාජයේ සාමාජිකයින් අතර කරන ලද ස්වාධීන විධිවිධානයකට වඩා වැඩි දෙයක් නොවන බවත් සමාජ සම්මතයන් මත පදනම්ව නුසුදුසු ලෙස හැඳින්විය නොහැකි බවත්" Kumamoto දිස්ත්‍රික් උසාවියේ සභාපති විනිසුරු Yuichiro Nakatsuji පැමිණිලිකරුගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේය.

154 Views

Comments