නේපාලයේ ගුවන් අනතුරකින් සිදුවූ සමූලඝාතනය


නේපාල ගුවන් අනතුරෙන් එහි සියලුම කාර්ය මණ්ඩලය හා මගීන් මිය ගිය බව තහවුරු වෙයි

.

නේපාලයේ Mustang දිස්ත්‍රික්කයේ කඳු සහිත ප්‍රදේශයට කඩා වැටුණු Twin Otter ගුවන් යානයේ මගීන් අතර සිටි අවසන් අතුරුදහන් වූ පුද්ගලයාගේ මළ සිරුරද අද දින උදෑසන සහන කණ්ඩායම් විසින් සොයා ගැනීමට සමත්ව ඇති අතර, අනතුරින් සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය මිය ගිය බව සනාථ කරමින් නේපාල නිලධාරීහු නිවේදනයක් නිකුත් කොට තිබේ. 

 

" කත්මණ්ඩු ආශ්‍රිත ප්‍රදේශයේ තිබියදී මළ සිරුරු 10 ක් ද කඳුකර Mustang දිස්ත්‍රික්කයේ Sanosware හි ගුවන් යානය අනතුරට ලක් වූ ප්‍රදේශය අසල තිබියදී මළ සිරුරු 12 ක් ද සොයා ගැනීමට හැකි වූ බව ගුවන් සේවා නිලධාරියෙකු වන Deo Chandra Lal Karna  ප්‍රකාශ කළේය. 

 

" සොයාගත් මළ සිරුරු 12 ක රැගත් නේපාල ගුවන් හමුදා හෙලිකොප්ටරයක් අද දින පස්වරුව වන විට කත්මණ්ඩු වෙත පියාසර කරනු ඇති අතර ගවේෂකයන් විසින් යානයේ කළු පෙට්ටියද සොයාගෙන ඇති බැවින් සෝදිසි මෙහෙයුම අදින් අවසන් වනු ඇත" යනුවෙන් කත්මන්ඩු හි Tribhuvan ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ප්‍රකාශක Tek Nath Sitaula පැවැසීය.

106 Views

Comments