ජපානයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වූ ඇඟලුම් වෙළෙඳ ජාලයේ නිර්මාතෘ


Tadashi Yanai ජපානයේ ධනවත්ම පුද්ගලයා බවට පත්වේ

.

ජාත්‍යන්තර ව්‍යාපාරික සඟරාවක් වන Forbes විසින් ඉදිරිපත් කරන ලද ආසියාවේ ධනවත්ම පුද්ගලයින් 50 දෙනාගේ නවතම ලැයිස්තුවට අනුව, ජපන් ඇඟලුම් සිල්ලර වෙළඳ ජාලය වන Uniqlo හි නිර්මාතෘ සහ ප්‍රධානියා වන Tadashi Yanai, ගෝලීය ආර්ථික මන්දගාමිත්වය හමුවේ ඔහුගේ ධනය තියුනු ලෙස ඛාදනය වී තිබියදීත්, ජපානයේ ධනවත්ම පුද්ගලයා ලෙස නැවත වරක් තේරීපත්ව තිබේ. 

 

නිරවද්‍ය උපාංග නිෂ්පාදක Keyence Corp. හි නිර්මාතෘ වන Takemitsu Takizaki මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්වූ අතර SoftBank Group Corp. හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී Masayoshi Son ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත් විය. 

 

සඟරාව විසින් ඉදිරිපත් කරන ලද 2022 වසරේ ජපානයේ ධනවත්ම පුද්ගලයන් 50 දෙනාගේ සම්පූර්ණ ලැයිස්තුව සහ ඔවුන් පිළිබඳ වැඩිදුර විස්තර www.forbes.com/japan වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට ලබාගත හැකිය.

100 Views

Comments