ජපානයේ විදේශ ඇමති COVID-19 ආසාදිතයෙකු බවට තහවුරු වෙයි


ජපාන විදේශ අමාත්‍යවරයා covid ආසාදනය වේ

.

ජපාන විදේශ අමාත්‍ය Yoshimasa Hayashi බදාදා දින COVID-19 ආසාදිත බව හදුනාගැනීම සඳහා සිදුකළ ප්‍රතිදේහ පරීක්ෂාවේදී ධනාත්මක බවට තහවුරු වී ඇති අතර ජුනි 11 දක්වා හුදෙකලාව නිවසේ රැදී සිටිනු ඇතැයි අමාත්‍යාංශය නිවේදනය කළේය .

 

Hayashi තවමත් මෘදු රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් අමාත්‍යාංශයේ හෝ අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිවෙකු ඔහු සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ අය ලෙස හඳුනාගෙන නොමැති බවත් ප්‍රධාන කැබිනට් ලේකම් Hirokazu Matsuno මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්‌වමින් පැවැසීය .

 

මේ නිසාවෙන් බදාදා පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අයවැය කමිටුවේ සැසියට සහභාගී වීම මෙන්ම එක්සත් ජනපද නීති සම්පාදකයින් කණ්ඩායමක් සමඟ සහ එක්සත් ජනපද හමුදාවේ කොරියානු ආඥාපති ජෙනරාල් Paul LaCamera සමඟ වෙන වෙනම පැවැත්වීමට නියමිතව තිබූ රැස්වීම් ද අමාත්‍යාංශය විසින් අවලංගු කොට තිබේ .

Comments