අධිවේගයෙන් ඉහළ යන ජපානයේ ආහාර ද්‍රව්‍ය පිරිවැය සහ මිලගණන්


ජපානයේ භාණ්ඩ හා සේවා මිල අදික ලෙස ඉහළ යයි

.

ඉහළ යන ද්‍රව්‍ය පිරිවැය සහ වේගයෙන් ක්ෂය වන " yen " හි වටිනාකම හේතුවෙන් ජපානයේ ආහාර ද්‍රව්‍ය 10,000 කට වැඩි ප්‍රමාණයක 13% ක මිල වැඩිවීමක් මේ වසරේදී අපේක්ෂා කළ හැකි බව Teikoku Databank Ltd. නම් ණය පර්යේෂණ ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයක් මගින් පසුගිය බදාදා දින පෙන්වා දී තිබේ .

 

ජුනි මාසය වන විට ප්‍රධාන ආහාර නිෂ්පාදකයින් 105 දෙනෙකු සිය නිෂ්පාදන 6,285 ක මිල ඉහළ නංවා ඇති අතර ජූලි මාසයේ සිට අතිරේක නිෂ්පාදන 4,504 ක් සඳහා මිල ඉහළ නැංවීමට නිෂ්පාදකයින් විසින් සැලසුම් කර ඇති බව සමික්ෂණයෙන් හෙළිවී ඇත .

 

තිරිඟු සිට බොරතෙල් දක්වා සෑම දෙයකම මිල ඉහළ යාමට Corona වසංගත ව්‍යාප්තිය සහ රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතු වී ඇති බැවින් උද්ගතවී ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ක්‍රමයෙන් වැඩිවන ජපන් සමාගම් සංඛ්‍යාවක් විසින් වැඩි මිලට මෙලෙස සිය නිෂ්පාදන අලෙවි කරනු ලබයි .

185 Views

Comments