සම්පූර්ණයෙන්ම ඉවතලන ආහාර අපද්‍රව්‍ය වලින් නිපදවෙන නව සිමෙන්ති


ජපාන පර්යේෂකයන් පිරිසක් ඉවත ලන ආහාර ද්‍රව්‍ය වලින් සිමෙන්ති නිෂ්පාදනය කරයි

.

ටෝකියෝ විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් දේපලක් වන Kota Machida සහ Yuya Sakai විසින් එදිනෙදා ඉවතලන "ආහාර අපද්‍රව්‍ය" , ඉදිකිරීම් ක්ෂේත්‍රයේදී භාවිතයට ගත හැකි "සිමෙන්ති" බවට පරිවර්තනය කිරීමේ නව තාක්ෂණයක් නිපදවා ඇති බව වාර්තා වේ . 

 

ලොව ප්‍රථම වතාවට සම්පුර්ණයෙන්ම ආහාර අපද්‍රව්‍ය භාවිතයෙන් සිමෙන්ති නිපදවීම සඳහා හදුන්වා දුන් ක්‍රියාවලියක් ලෙස එය හැඳින්වේ. මෙම නව නිෂ්පාදනයේ ආතන්‍ය ශක්තිය සාමාන්‍ය කොන්ක්‍රීට් වලට වඩා හතර ගුණයකින් වැඩි බව පර්යේෂකයන් පෙන්වා දී ඇත .

 

වළලන ලද කුණු ගොඩවල්වල ඇති අපද්‍රව්‍ය දිරාපත් වීමෙන් නිදහස් වන මීතේන් වායුව හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම අවම කිරීමට දායක වීම මෙම නිෂ්පාදනයේ මූලික අරමුණ ලෙස දක්වා තිබේ. 

 

"වඩාත්ම අභියෝගාත්මක කොටස වූයේ එක් එක් ආහාර අපද්‍රව්‍ය සඳහා අවශ්‍ය වන විවිධ උෂ්ණත්ව හා පීඩන මට්ටම් සොයා ගැනීම හා යොදා ගැනීමයි " යනුවෙන් කාර්මික විද්‍යාව පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන Sakai නිෂ්පාදනයේ සාර්ථකත්වය සහ එහි ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි කරමින් පැවසීය.

102 Views

Comments