Keio උසස් පාසලේ ගුරුවරයෙක් අත්අඩංගුවට


ඔහු මාර්ගයේ සිටි පුද්ගලයෙකුට පහර දී ඇත.

.

ඊයේ(08) කනගාවා ප්‍රාන්ත පොලිසියේ ටකට්සු පොලිස් ස්ථානය විසින් කවාසාකි නගරයේ නකහාරා වෝඩ්හි 57 හැවිරිදි ගුරුවරයකු පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.  

ඔහු Keio උසස් පාසලේ ගුරුවරයෙකු වන අතර පාසලේ ජූඩෝ සමාජයේ ප්‍රධානියා ද වේ.

ඊයේ(08) රාත්‍රී 10:55 ට පමණකවාසාකි ප්‍රාන්තයේ ටකාට්සු වෝඩ්හි මාර්ගයේ සිටි කාර්යාල සේවකයෙකුට මෙම පුද්ගලයා පහර දී ඇත.

ඔහු බීමතින් සිට ඇති බව පැවසෙන අතර තමන් පහරදීමක් නොකළ බව පවසමින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

 

117 Views

Comments