උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් බිය මධ්‍යයේ හමුවූ රාජ්‍ය තාන්ත්‍රිකයෝ


උතුරු කොරියානු න්‍යෂ්ටික අත්හදාබැලීම් පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක ප්‍රභව නායකයන් එක්වෙයි

.

Pyongyang හි නැවත නැවතත් Ballistic මිසයිල දියත් කිරීමෙන් පසුව උතුරු කොරියාවේ නව න්‍යෂ්ටික අත්හදා බැලීමක් පිළිබඳ වැඩෙන උත්සුකයන් මධ්‍යයේ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අරමුණින් 

දකුණු කොරියාවේ, ජපානයේ සහ එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයින් සිකුරාදා දින එකිනෙකා මුණගැසී ඇති බව වාර්තා වේ. 

 

පසුගිය මාසයේ දකුණු කොරියාවේ ජනාධිපති ලෙස Yoon Suk Yeol වැඩ භාර ගැනීමෙන් පසුව කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ආරක්ෂක කටයුතු පිළිබඳ දකුණු කොරියානු විශේෂ නියෝජිතයෙකු ලෙස කටයුතු කරන Kim Gunn  ඔහුගේ ජපන් සහ එක්සත් ජනපද සගයන් සමඟ පළමු වරට එවැනි  ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව පැවැත්වූ අවස්ථාවක් ලෙස මෙය සැලකේ .

 

මෙහිදී අනෙකුත් සාමාජිකයන් ලෙස උතුරු කොරියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද විශේෂ නියෝජිත Sung Kim සහ ජපාන විදේශ අමාත්‍යාංශයේ ආසියානු හා සාගර කටයුතු කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් Takehiro Funakoshi සාකච්ඡා සදහා සහභාගි වී තිබේ.

Comments