ජපානයේ අවංකත්වය


ජපානයේ අවංකත්වය එහි වෙසෙන ශ්‍රී ලාංකික පුරවැසියෙකු ගේ ඇසින්

.

ජපානය යනු සල්ලි පර්ස් එකක් නැති උනත් ඒක ඒ විදියටම නැවත ලැබෙන රටක්ය.මම අත්දැකීමෙන් කියමි. 

හොරකම ගැන එතරම් නිව්ස් එකක් අහන්නෙ කලාතුරකිනි. නමුදු මේ දිනවල නිව්ස් එකක් විදියට ජපානයම මවිත කරවින් ඇවිලෙන මුදල් ගනුදෙනුවක් හිට් වී ඇත. මම මේ කතාව හොරකමක් ලෙස හඳුන්වන්නෙ නැහැ. මොකද හොරකම යනු සැලසුමකට අනුව කරන දෙයක් සහ සිතාමතා ඒ වෙනුවෙන්ම ක්‍රියා කර කොල්ල කන දෙයක් නිසාය.

මේ කතාවට පාදක වන ජපන් කොල්ලට වයස 24 කි. යමගුචි ප්‍රාන්තයේ අබු ( චෝ )නගරයේ අයිතිකාරයන් නැති නිවස් වලට එම නගරයේ ජනගහනය අඩුනිසා අඩු මුදලකට පදිංචියට යාමට ක්‍රමවේදයක් මේ නගරයේ නගරසභාවෙන් කරගෙන යනව. මේ අවස්ථාවෙන් ප්‍රයෝජනගෙන අරගෙන තරුණ පිරිස නැවත ගමට ගෙන්න ගන්න උත්සහයක් ගමම කරනව. මේ කතාවේ තරුණයාද මේ නගරයට මෑත කාලයක මේ විදිහට ගම්මාරු කල අයෙකි. මේ වගේ අයට ගමම උදව් උපකාර කරති. දිගටම ගමේ ඉන්න ආස විදියට පහසුකම් සලසති. ජපානයේ ඈත ජනගහනය අඩු ගම්වල මෙය සුලබ දෙයකි. 

       කතාව හැරවෙන්නේ මෙන්න මෙහෙමයි. කොරෝනා වසංගතය නිසා ආර්ථික අඩුපාඩු ඇති අඩු ආදායම් ලබන පවුල් වලට රජය මගින් දෙවන වරටත් යෙන් 100,000 බැගින් ලබා දෙන්න ගත්තා. මේ තරුණයා ඉන්න ගමේද අප්‍රේල් මස 8 වන දින නිවාස 463 ට යෙන් 100,000 බැගින් (මුලු මුදල ජපන් යෙන් මිලියන 46.3)නගර සභාව විසින් එම පවුලේ ප්‍රධානින්ගේ ගිනුමට බැර කලා. මෙදිනම නගර සභාවේ තවත් නිලධාරියෙක් වැරදීමකින් මේ මුලු මුදලම එනම් යෙන් මිලියන 46.3 ම (කොල 4630)

ගිනුම මගින් මේ මම කියන ඉහත තරුණයාගේ තනි ගිණුමට බැර කර ඇත. ටික වෙලාවකින් බැංකුව මගින් අදාල නගරසභාවට මේ වැරදීම දැනුම් දී ඇත. නමුදු ජපානයේ බැංකු නීතිය අනුව වැරදීමකින් වුවද දැන් බැර කරපු දේ අදාල ගිණුම් හිමියා සතු දෙයකි. නැවත මුදල ලබාගන්නට නම් ගිණුම්කරු විසින් බැංකුවට පැමිණ මුදල නැවත නගරසභා ගිනුමට දැමිය යුතුබව බැංකුව කියා දී ඇත.

ඒ නිසා නගරසභා නිලධාරියා හනිකට තරුණයා හමුවී කාරනය පැහැදිලි කරදී වාහනය නග්ගවා බැංකුවට රැගෙන ඇවිත් මුදල ගිණුමට මාරු කරන ලෙස ඉල්ලා ඇත. මුලදි හා කියපු කොල්ල ටික වෙලාවකින් මේ පිලිබඳව ලිඛිතව විස්තරයක් අවශ්‍ය බව කියා නිවසට ඇරලවන ලෙස කතාව වෙනස් කර ඇත. කරකියාගන්න දෙයක් නැතිව නිලධාරියා කොල්ල කියපු විදියට පසු දින ලිපිය අරගෙන ගෙදරට ගියද කොල්ල නිවසේ නැත. දුරකථනයද ගන්නෙ නැත. බැංකුවට කතා කරබලනකොට කොල්ල එදා සවසම නෙට් බෑංක් එක හරහා සල්ලි අරගෙනය. සති දෙකක කාලයක් ඇතුලත් මුලු මුදලම අරගෙන ඉන්ටර්නෙට් කැෂීනෝ ගසා ඇතිබව අද පොලිසිය ප්‍රකාශයක් කරා. දැන් නගර සභාව නඩු මගට බැස ඇත. ඒ මුලු මුදලම සහ අමතර ලෝයර්ස්ලගේ මුදලද ගෙවන ලෙසටය. 

              මම මේ කෙටියෙන් කතාව ලිව්වේ ඔබට දැනගන්න පහසුවටය. මේ පිලිබඳ ජපානය තුල විවිද මයන් ඇත. කොල්ලගේ නිදහසට කරුනවන්නේ මගේ ගිනුමට ලැබුන දේ මගේ කියාය. අත් වැරදුන නගර සභාව කියන්නේ මෙය රජයේ එනම් මහජන බදු මුදල් නිසා වැරදුන බව දැනුම් දුන්නත් එය නොතකා නීතියේ හිඩසින් කොල්ල රිංගා ගියා කියාය. ජපානයේ බැංකු නිතිය කාටත් සමානය ඒ නිසාම මේ අත් වැරදීම ගොඩින් බේරාගන්න බැරි විය. 

                                            අද ජපානයේ මුදල් විසුද්ධකරණයටද විශාල සීමාවන් දමනවා. ඔබගේ විසා බලපත්‍රය කල් ඉකුත් වන දිනය දැනුම්දෙන ලෙස සෑම ජපන් බැංකුවකින් අදවන විට ලිපි එවා ඇත. ඒවා පුරවායවාද ඇති කියල හිතනව. අද විසා රිනිව් කරන කාලය අතර තුර ඔබට ඔබේම ගිණුමේ මුදල් ගනුදෙනු කිරීමට නොහැකි බව ඔබ දන්නවාද. ජපන් කොකුමින් හොකේන් එකටද මේ නීතියමය. එම නිසා විසා එක ලැබෙනකම් පරිස්සමෙන් ක්‍රියා කරන්න. මේ අරත තුර කාලය තුල ගිණුමද ඉන්ෂුවරන්ස් එකද ක්‍රියා විරහිත වන බව තරයේ මතක තබාගන්න. කපිල අයියගෙන් අවවාදයකි.

ස්තූතීයි.

 

උපුටාගැනීමකි 

කපිල බණ්ඩාර.

Comments