එන්නත්කරණ කටයුතු වලට බාධා එල්ල කර අත්අඩංගුවට පත්වූ කල්ලි සාමාජිකයෝ


YamatoQ එන්නත් විරෝධී කණ්ඩායම අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි

.

Tokyo නගරයේ Shinjuku Ward හි පිහිටා තිබූ COVID-19 ළමා එන්නත්කරණ මධ්‍යස්ථානයකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි කාර්යමණ්ඩලයට බාධා කිරීමේ චෝදනාව මත YamatoQ එන්නත් විරෝධී කණ්ඩායමේ නායකයා සහ එහි සාමාජිකයින් කිහිප දෙනෙකු හට ජුනි 2 වන දින මෙට්‍රෝපොලිටන් පොලිසිය විසින් නව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කර තිබේ. 

 

පසුගිය අප්‍රේල් 7 වන දින Tokyo නගරයේ Shibuya Ward හි වෙනත් එන්නත්කරණ මධ්‍යස්ථානයකට කඩා වැදී රාජකාරීයට බාධා කිරීම සම්බන්ධයෙන් YamatoQ හි ප්‍රධානියා වූ 43 හැවිරිදි Hiroyuki Kuraoka සහ තවත් කණ්ඩායම් සාමාජිකයින් හතර දෙනෙකු "අනවසරයෙන් ඇතුළුවීම" යටතේ  දැනටමත් අධිචෝදනා ලැබ සිටී. 

 

නවතම සිදුවීමේදී, අගනුවර Ota Ward හි පදිංචිව සිටි Kuraoka සහ අවුරුදු 41 ත් 65 ත් අතර සාමාජිකයින් සිව් දෙනෙකු මෙලෙස  ඇතුල්වීමේ දොරටුව අසල සිටි කාර්ය මණ්ඩලය තල්ලු කිරීමෙන් පසු එම ස්ථානයට කඩා වැදී ඇත. පසුව ඔවුන් වෛද්‍ය සේවකයින් වටකරගෙන ඇති අතර "දැන් නීති විරෝධී එන්නත් කිරීම නවත්වන්න" සහ "ඔබ Q දන්නේ නැද්ද?" යනුවෙන් විමසීම් කර ඇති බව සඳහන් වේ.

Comments