සොරකම් මාලාවක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ 17 හැවිරිදි සිසුවා


සොරකම් මාලාවක් සම්බන්ධයෙන් පාසල් වියේ සිසුවෙකු අත්අඩංගුවට ගැනේ

.

නිවසින් පැන ගොස් සිටියදී Osaka සහ Sakai යන නගර වලදී බෑග් කොල්ලකෑම් මාලාවක් සිදු කළ බවට සැකපිට Osaka ප්‍රාන්ත පොලිසිය විසින් 17 හැවිරිදි පිරිමි ළමයෙකු පසුගිය අගහරුවාදා දින අත්අඩංගුවට ගෙන තිබේ.

 

අත්අඩංගුවට පත් පිරිමි ළමයා "නිවසින් පැන ගිය පසු වියදම් කිරීමට මුදල් නොමැති වීම හේතුවෙන් තමන් බෑග් සොරකම් කළ බවට පිළිගෙන ඇති බව" පොලිසියට ප්‍රකාශ කළේය. 

 

මාර්තු 24 සිට 29 දක්වා කාලය තුළදී ඔහු විසින් Osaka නගරයේ Naniwa සහ Higashinari යන ප්‍රදේශවලදී මෙන්ම සකායි නගරයේ දී යෙන් 530,000 ක් පමණ වටිනාකමකින් යුතු මුදල් සහිත බෑග් පහක් සොරකම් කර ඇති අතර ඔහු එම මුදල් ගෙවා Manga අවන්හල් වල රාත්‍රිය ගත කොට තිබේ. 

 

අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 20 ත් 80 ත් අතර වයස්වල පසුවූ පාපැදි පැදවූ කාන්තාවන් වන අතර නැවත නිවසට පැමිණි පසු පියා විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සියලු සොරකම් පිළිබඳව පාපොච්චාරණය කළ බැවින් පියා දරුවා සමග පොලිසියට පැමිණ ඇති බව සඳහන් වේ.

162 Views

Comments