පසුගිය ජනවාරි 15 වනදා ටොංගා දිවයින ආශ්‍රිතව මුහුදේ සිදු සිදුවූ ගිනිකඳු පිපිරීම සම්බන්ධ තවත් චන්ද්‍රිකා ඡායාරූප පෙළක් යුරෝපියානු අභ්‍යාවකාශ ඒජන්සිය විසින් නිකුත් කර තිබේ.
එම ඡායාරූප වලට අනුව ගිනිකඳු පිපිරීමෙන් පසු මුහුදේ ඇතිවූ කම්පන ජල තරංග ගොඩබිම දෙසට ඇදී යන ආකාරය මනාව නිරීක්ෂණය වේ. මෙකී චන්ද්‍රිකාව එම සිදුවීම සිදු වූ මොහොතේ සිට පැය 13 ක් යන තෙක් ටොංගා දිවයින අශ්‍රිතව මුහුද සහ ගොඩබිම්වල තත්ත්වය නිරීක්ෂණය කර ඇති බව වාර්තා වේ. කාලගුණ විද්‍යාඥයින් ට සහ අනෙකුත් විද්වතුන්ට මෙකී ඡායාරූප සියක් දෙන කටයුතු සඳහා මනාව වැදගත්ව ඇති බව වාර්තා වේ. මුහුදු කැළඹීම ගති ඇති වන සුනාමි තත්ත්වයන් සහ හානියන් ගණනය කිරීමේ කටයුතු සඳහා ද මෙම ඡායාරූප මහත් මූ පිටිවහලක් වනු ඇති බව අනෙක් පරීක්ෂකයන්ගේ අදහසයි.
ඡායාරූපය : NHK