ක්‍රීඩා නැවත බැලීම සඳහා ටෝකියෝවේදී ක්‍රීඩා ඉසව්වක්.


ක්‍රීඩා ඉසව් නැවත නැරඹීමට තෝකියෝ නුවර විශේෂ පහසුකමක් සැලසේ

.

ජපානයේ ක්‍රීඩා ලෝලීන්ට පසුගිය වසරේ ටෝකියෝ ක්‍රීඩා උළෙල නැවත බැලීමේ උත්සවයකදී ඔලිම්පික් සහ පැරාලිම්පික් ක්‍රීඩා භුක්ති විඳීමට අවස්ථාවක් ලැබී ඇත. මෙම උත්සවය ඉරිදා ටෝකියෝ හි ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. අමුත්තන්ට විවිධ ක්‍රීඩා අටක් අත්විඳිය හැකි ප්‍රදේශ එහි පිහිටුවා තිබිණි. 

 

ස්කේට්බෝඩ් ප්‍රදේශයේ, තරුණ වෘත්තීය ස්කේට්බෝඩ් ක්‍රීඩකයින් සහභාගීවන්නන්ට ගමන් කරන සහ නැවැත්විය යුතු ආකාරය පිළිබඳ මූලික කුසලතා ඉගැන්වූහ. ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ජපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනා ගැනීමත් සමඟ මෙම ක්‍රීඩාව ජපානයේ ජනප්‍රිය වී ඇත. 

 

ස්කේට්බෝඩ් කිරීමට උත්සාහ කළ අමුත්තෙක් පවසා සිටියේ ටෝකියෝ ක්‍රීඩා උළෙලේ තරුණ ස්කේට්බෝඩ් ක්‍රීඩකයින්ගේ ප්‍රබල දස්කම් තමා සිත් ගත් බවයි. ජපානය තුළ ක්‍රීඩාව තවදුරටත් වර්ධනය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු පවසා ඇත.

Comments