අගනුවර පහළ යමින් පවතින නව ආසාදිතයින්ගේ ව්‍යාප්තිය


Tokyo නුවර කොරෝනා ආසාධිතයින් ක්‍රමයෙන් පහ වෙයි

.

පෙර දින රෝගීන් 2335 ක් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ජුනි 3 වන සිකුරාදා දින ජපාන අගනුවරින් නව Corona ආසාදිතයින් 2111 දෙනෙකු වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

අලුතින් ආසාධිත පුද්ගලයින් 2111 න් 1082 කට COVID-19 එන්නත්  දෙකක් ද, 14 කට එක් එන්නතක් ද ලබා දී තිබේ.  නව ආසාදිතයින් 510 කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී නොමැති බවත් 505 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බවත් පැවැසේ .

 

ජුනි 3 වන දින තහවුරු කරන ලද COVID-19 මරණ හතරක් වාර්තා වී  ඇති අතර ඒ අනුව මේ වනවිට Tokyo අගනුවර මුළු Corona මරණ සංඛ්‍යාව 4516 ලෙස දක්වා තිබේ .

119 Views

Comments