පෙර දින රෝගීන් 2335 ක් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ජුනි 3 වන සිකුරාදා දින ජපාන අගනුවරින් නව Corona ආසාදිතයින් 2111 දෙනෙකු වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.
අලුතින් ආසාධිත පුද්ගලයින් 2111 න් 1082 කට COVID-19 එන්නත් දෙකක් ද, 14 කට එක් එන්නතක් ද ලබා දී තිබේ. නව ආසාදිතයින් 510 කට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දී නොමැති බවත් 505 දෙනෙකුගේ එන්නත් තත්ත්වය නොදන්නා බවත් පැවැසේ .
ජුනි 3 වන දින තහවුරු කරන ලද COVID-19 මරණ හතරක් වාර්තා වී ඇති අතර ඒ අනුව මේ වනවිට Tokyo අගනුවර මුළු Corona මරණ සංඛ්‍යාව 4516 ලෙස දක්වා තිබේ .