කාන්තාවකට ලිංගික අතවර කොට පලාගිය ව්‍යාජ බෙදාහරින්නා


කාන්තාවකට අතවර කර පළා යාමට සැරසුණු පුද්ගලයකු අත්අඩංගුවට පත්වේ

.

24 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කර ඇයගේ යට ඇඳුම් රැගෙන පලාගිය බවට සැකපිට ගිනි නිවන භටයෙකු ලෙස සේවයේ නියුතු Yuta Asakura නම් 32 හැවිරිදි පුද්ගලයෙකු Aichi ප්‍රාන්තයේ Yatomi පොලිසිය විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

මැයි 5 දින සවස 2.10 ට පමණ බෙදාහැරීමේ පිරිමියෙකුගේ නිල ඇඳුමක් ඇඳ සිටි ඔහු කාන්තාවගේ මහල් නිවාසයට පැමිණ නිවසේ සීනුව නාද කර ඇත. කාන්තාව නිවසේ දොර විවෘත කළ විට ඔහු බලහත්කාරයෙන් ඇතුලට ගොස් කෑ ගැසුවහොත් මරා දමන බව පවසමින් කටර් පිහියක් පෙන්වා ඇයට තර්ජනය කොට ඇති බව පොලිසිය පැවැසීය .

 

බලහත්කාරයෙන් ඇයව ලිංගික අතවරයකට ලක් කොට ඇගේ යට ඇදුමද රැගෙන ඔහු පලා ගොස් ඇති අතර මහල් ගොඩනැගිල්ලෙන් පිටත පිහිටි නිරීක්ෂණ කැමරා දර්ශන විශ්ලේෂණය කිරීමෙන් මෙම සැකකරු හඳුනාගෙන තිබේ .

107 Views

Comments