Kyoto හි සම්ප්‍රදායික Noh ආලෝක උත්සවය


වසර තුනකට පසු Noh ආලෝක උත්සවය පැවැත්වේ

.

ජාතියේ පුරාණ අගනුවර Heian Jingu සිද්ධස්ථානයේ පිහිටි Noh සම්භාව්‍ය ජපන් රඟහලේදී Corona වසංගතය හමුවේ සිදුකළ අවලංගු කිරීම් හේතුවෙන් වසර තුනකට පසු ප්‍රථම වතාවට පන්දම් මගින් ආලෝකමත් වූ ප්‍රසංගයක් ජූනි 1 වන දින සන්ධ්‍යාවේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබිණි. 

 

"සිද්ධියට දිගු ඉතිහාසයක් තිබුණත්, අපි වැඩිපුරම බිය වන්නේ මිනිසුන්ට එය අමතක වීම ගැනයි" යනුවෙන් Noh කාර්ය සාධන කවුන්සිලයක් වන Kyoto Nohgaku kai හි ප්‍රධානියා වන Hirohisa Inoue පැවසීය. 

 

මෙම උත්සවය 1950 දී ප්‍රථම වරට Kyoto Nohgaku kai සහ Kyoto නගරය විසින් සම-සංවිධානය කරමින් පැවැත්වූ අතර හොඳින් සංරක්ෂණය කරන ලද සම්ප්‍රදායික මුල් ගිම්හාන උත්සවයේ 71 වන වේදිකාගත වීම පසුගියදා මෙලෙසින් නිමා වී තිබේ .

Comments