ජාත්‍යන්තර ප්‍රංශ සාහිත්‍ය ත්‍යාගය දිනාගත් ජපාන ලේඛකයා


Haruki Murakami ප්‍රංශ සාහිත්‍ය ත්‍යාගය දිනා ගනී

.

නූතන මානවවාදයේ පණිවිඩයක් ලෝකයට සපයන අග්‍රගණ්‍ය නවකතාකරුවෙකු ඇගයීමට ලක් කිරීම උදෙසා පිරිනැමෙන ජාත්‍යන්තර සාහිත්‍ය සම්මානයක් වන "Cino Del Duca" සම්මානය මෙම වසරේ කීර්තිමත්ම ලේඛකයා ලෙස තේරීපත් වූ ජපාන ලේඛක Haruki Murakami හට පසුගියදා පිරිනමන ලදී. 

 

"දෛනික සිදුවීම්වලින් ආශ්වාදයක් ලැබූ Murakami ඔහුගේ කෘතිවලට අධි යථාර්ථවාදී සහ ඉන්ද්‍රජාලික සිදුවීම් ද මිශ්‍ර කර ග්‍රන්ථකරණයේ යෙදෙයි  " යනුවෙන් ජූනි 1 වන දින පැරිසියේ පැවති සම්මාන උළෙලේදී තරගාවලියේ විනිශ්චය මණ්ඩලය පැවසූහ.

 

ප්‍රංශය තුළ Murakami ගේ නවකතා ප්‍රකාශයට පත් කරන Belfond හි නිලධාරියෙකු Murakami වෙනුවෙන් මෙම උත්සවයට සහභාගී වී ඇත. 

 

“අපි සන්සුන් තත්වයක් අත්කර ගැනීමට නියමිතව සිටියෙමු, නමුත් සියල්ල කැළඹීමට ලක් වූ අතර ඉරිතැලීම් ඇති විය. මෙවැනි කාලවලදී නවකතාකරුවන්ගේ එක් භූමිකාවක් වන්නේ මෙම අඳුරු යථාර්ථයට මුහුණ දීමයි" යනුවෙන් ලිපියක් මගින් තමාට සහභාගී වීමට නොහැකි වීම පිළිබඳව හේතු දක්වමින් Murakami ප්‍රකාශ කර තිබේ.

131 Views

Comments