7-eleven සහ Daiso සම්බන්ධ වේ


පැතිර යන කොවිඩ් නයින්ටීන් වෛරසය හමුවේ  ලෝකවාසී බොහෝ දෙනා විවිධ ආකාර ගැටළු වලට මුහුණ දී ඇති සමයක ඒ නිසාම ජීවන ර?

.

පැතිර යන කොවිඩ් නයින්ටීන් වෛරසය හමුවේ  ලෝකවාසී බොහෝ දෙනා විවිධ ආකාර ගැටළු වලට මුහුණ දී ඇති සමයක ඒ නිසාම ජීවන රටාවල සිදුවුණු ඇතැම් වෙනස්කම් ජීවිතය පහසු කරවන  මාර්ග වලට ද පිවිස ඇත. හොඳම උදාහරණයක් නම් දැන් ජපන් වැසියන්ට   තමන්ට  අවශ්‍ය 100-යෙන් භාණ්ඩ මිලදී ගැනීමට  Daiso සාප්පු වලටම නොගොස් ජපානය පුරා ඇති 7- eleven සාප්පු හරහා එම භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවයි. 

 

පසුගිය කොරෝනා සමයේ  ජනතාවට පැණවූ   සීමා හේතුවෙන් බොහෝ ජපන් වැසියන් ඔවුන්ට අවශ්‍ය එදිනෙදා මුළුතැන්ගෙයි භාණ්ඩ මිලදී ගැනීමට  Daiso සාප්පු වෙතම නොගොස් තම තමන්ගේ නිවාස අසල පිහිටි සාප්පුවකින් එම භාණ්ඩ මිලදී ගැනීමට හුරු විනි.එම හේතුවෙන් දිවයින පුරා තිබූ Daiso  සාප්පු  ගණන වේගයෙන්  අඩුවුනි.

 

මෙයට විසඳුමක් ලෙස 7-eleven හා Daiso දැන් එක්ව ගමනක් යාමට අත්වැල් බැඳ ගෙන ඇත. එහි මූලාරම්භය වශයෙන් තෝරාගත් 7-eleven සාප්පු දෙසීයක  Daiso භාණ්ඩ අලෙවිය ආරම්භ කර ඇති අතර නුවර වඩාත් සාර්ථක වීම හේතුවෙන් ඉදිරියේ දී 7-eleven සාප්පු 10,000ක Daiso භාණ්ඩ අලෙවි කිරීමට නියමිතය.

561 Views

Comments