ජපාන රජය විසින් 2011 වසරේදී අඩපණ වී ගිය Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරයට සත්කාරකත්වය සැපයූ Futaba නගරය තුළට ඇතුළු වීමට නොහැකි වන අයුරින් පනවා තිබූ නියෝග සියල්ලක්ම සඳුදා මධ්‍යම රාත්‍රියෙන් පසු ඉවත් කිරීමට පියවර ගැනීමත් සමඟ එකළ නගරයේ පිහිටා තිබූ කුඩා පොලිස් මුරපොළ යළිත් වරක් වසර 11 යි මාස පහකට පසු ප්‍රථම වරට සඳුදා දින විවෘත කළ අතර තවමත් පාළුවට ගොස් ඇති නගරයේ පැරණි පදිංචිකරුවන් යළි තම නිවෙස් වෙත පැමිණීමට පෙර ඒ වෙනුවෙන් කුඩා උත්සවයක් පැවැත්වීම ද සිදු කෙරිණි .
න්‍යෂ්ටික බලාගාරයේ සිට කිලෝමීටර් 3ක් පමණ වයඹ දෙසින් පිහිටි මෙම නේවාසික පොලිස් මුරපොළ තුළ එක් නිලධාරියෙකු සේවයේ නිරතව සිටින අතර 40 හැවිරිදි Hirotaka Umemiya නගරයේ තම රාජකාරිය ආරම්භ කරමින් කියා සිටියේ "මම මෙහි සාමය පවත්වා ගනිමින් නගරයට සහයෝගය දැක්වීමට කැමතියි. එවිට පදිංචිකරුවන්ට තම වටපිටාව පිළිබඳව ආරක්ෂිත හැඟීමක් ඇති කර ගත හැකි බවයි."
JR Futaba ස්ථානය අසල වූ මධ්‍යම Futaba හි නැවත විවෘත කිරීමට නියමිත ප්‍රදේශ පිහිටා ඇති අතර, 2030 වනවිට Futaba හි ජනගහනය 2000 දක්වා වැඩි කිරීමට නගර රජය ඉලක්ක කර ගෙන සිටී. Futaba හි නව නගර කාර්යාලය විවෘත කිරීම නිමිත්තෙන් පසුගිය සෙනසුරාදා දින වෙනමම උත්සවයක් පැවැති අතර මේ වනවිට Iwaki නගරය තුළ තාවකාලිකව පිහිටා ඇති නගර කාර්යාලය, එළැඹෙන සැප්තැම්බර් 5 දින සිට නගරය තුළ ආරම්භ කිරීමට නියමිතය.